හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ලිවේරා මහතා ඉදිරියේ දී නැවතත් නීතිඥවරයෙකු ලෙස නඩුවලට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින බව වාර්තා වේ.
රජය විසින් ඔහුට යෝජනා කර තිබූ කැනඩාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධූරය භාර නො ගැනීමට ඔහු තීරණය කර තිබිණි.
කෙසේ වෙතත් රටට සේවය කිරීමට හැකියාව ලැබෙන කිසියම් හෝ තනතුරක් ලදහොත් එය ඔහු බාරගැනීමට සූදානමින් සිටින බවද වාර්තා වෙයි.
කැනඩා මහකොමසාරිස් යෝජනා කළ අවස්ථාවේදී ඔහු දැනුම් දී තිබුණේ තමන් මෙරට රැඳී සිටිමින් ජනතාවට සේවය කිරීමට බලාපොරොත්තු වන බවය.
නීතිපති ලෙස ලිවේරා මහතා වසර දෙකකට අධික කාලයක් සේවය කළේය.