Ada-Derana-1140-X-60-S 1200 add-02

දරුවන්ගේ එන්නත්කරණය ගැන මත දෙකක්

244
11453136468821839297
add-01

පාසල් ළමුන් එන්නත්කරණය සම්බන්ධයෙන් හෙට (15) දින පැවැත්වෙන සාකච්ඡාවෙන් පසු තීරණයකට එළඹීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අද (14) පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ,

“අවුරුදු 12 සිට 18 දක්වා දෙනවද? සහ පෙරපාසල, 1 සිට 6 පන්තිය දක්වා කියලා මත දෙකක් ආවා. හෙට අපි තවදුරටත් සාකච්ඡා කරනවා. ඒ හරහා තීරණයක් ගන්නවා.” 

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ දැනට එන්නත් වර්ග 5ක් මෙරට තුළ භාවිතයට ගැනෙයි.

CNN නාලිකාවේ වෙබ් අඩවියට අනුව රටක ජනගහණයට සාපේක්ෂව පූර්ණ එන්නත්කරණයට ලක්වී ඇති රටවල් අතර ශ්‍රී ලංකාව 67 වැනි ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකාවේ පූර්ණ එන්නත්කරණය සියයට පනහ ඉක්මවද්දී, අමෙරිකා එක්සත් ජනපදය එන්නත්කරණය සිදුකර ඇත්තේ, ජනගහනයෙන් සියයට 53කි.

අපට ඉහළින් එන්නත්කරණය ලබා ඇති සෙසු රටවල් වන්නේ, පෘතුගාලය 80% ක්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය 78.3% ක්, සිංගප්පූරූව 75.9% ක් සහ එක්සත් රාජධානිය 64.5% ක් වශයෙනි.

කෙසේ වෙතත්, පූර්ණ එන්නත්කරණයේදී ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, රුසියාව, මෙන්ම අසල්වැසි ඉන්දියාව ද අපට පසුපසින් සිටී.