රුපියල් සියයක මුදලක් ලබාදීමට පොරොන්දුවී ඉන් රුපියල් දහයක් දී 10 හැවිරිදි පාසල් දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කරනු ලැදැයි අධිකරණය හමුවට පමුණුවන ලැබූ එම දරුවාගේ පියාගේ මිතුරා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත‍්‍රාත් වජිර ලක්ෂ්මන් උඩුරප්පුලි මහතා නියම කළා.
මෙසේ රක්ෂිත බන්ධනාගාරයට නියම වූයේ කළුතර ගල්පාත ප‍්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි අයෙකුය. මෙම දරුවාගේ මව, පියා හා දරුවා හැරගොස් ඇති බව පොලිසිය අධිකරණයට වාර්තා කරනු ලැබුවා .
තම දරුවාට මිතුරා කළ අතවරය පියා අතටම හසුකර ගැනීමෙන් පසු මේ පිළිබඳව උතුරු කළුතර පොලිසියට පැමිණිලිකර ඇත. 06 වැනි වසරේ ඉගෙනුම ලබන මෙම දරුවා විශේෂ වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා කළුතර නාගොඩ මහ රෝහලට ඇතුළත් කර තිබුණා.