නාරාහේන්පිට පිහිටි ප්‍රසිද්ධ රෝහලක් තුළ තිබී අද (14) අත් බෝම්බයක් සොයාගැනුණි.
බෝම්බයේ ආරක්ෂිත ඇණය ගලවා දැල්වෙන මදුරු දඟරයක අමුණා පසුව පුපුරායන ලෙස සකස් කර තිබූ බව මූලික පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට තිදෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් ඇත.
ඒ අනුව රෝහලේ සේවය කරන පුද්ගලයෙකු, සිදුවීම ඇසින් දුටුවෙකු සහ තවත් අයෙකුගෙන් මේ වනවිට ප්‍රශ්න කරමින් තිබේ.
අද දහවල් කාලයේදී එම අත්බෝම්බය සොයා ගැනුණේ එම රෝහලේ පළමු මහලේ වැසිකිළියක තිබීයදීය.
සිද්ධිය වාර්තා වූ වහාම එම ස්ථානයට පැමිණි පොලිස් කණ්ඩායම් සහ බෝම්බ නිශ්ක්‍රීය අංශය ස්ථානීය විමර්ශන ආරම්භ කර තිබුණි.
බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු උසස් පොලිස් නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ තිබුණි.
පොලිස් කණ්ඩායම් කිහිපයක් හරහා රෝහලේ CCTV දර්ශන ඔස්සේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ක්‍රියාත්මකය.