Ada-Derana-1140-X-60-S 1200 add-02

දැවැන්ත කොටි ස්මාරකය පිහිටුවීම හමුදාව ව්‍යර්ථ කරයි….! මැයි 18 මුල්ලිවයික්කාල්හි විවෘත කරන සැලසුම සුං…!

86
11453136468821839297
add-01

කිලෝ 2000ක් බර කොටි සමරු ස්මාරකයක් හොර රහසේ ම මුල්ලිවයික්කාල් වෙත ගෙනවුත් ස්ථාපිත කිරීම සඳහා ක‍්‍රියාත්මක කළ සැලසුමක් ආරක්‍ෂක හමුදාව විසින් ව්‍යර්ථ කර ඇත.

අඩි 6.5ක් උසැති මෙම කොන්ක‍්‍රීට් ස්මාරකය මුල්ලිවයික්කාල්හි ස්ථාපිත කිරීම සඳහා පොලිසියෙන් හෝ රජයෙන් අවසර ගෙන නැත.

12 වැනි කොටි සැමරුම සඳහා මෙම ස්මාරකය රහසිගතව නිර්මාණය කර තිබූ අතර ක්‍රිස්තියානි පූජකවරු දෙදෙනකු ද එම ස්මාරකය ස්ථාපිත කිරීමේ ස්ථානය වෙත පැමිණ සිටි බව හෙළි වී තිබේ.

මේ අතර මුල්ලිවයික්කාල් හි දී මියගිය අය සැමරීමට ඉඩදෙන ලෙස ද්‍රවිඩ සංධාන මන්ත‍්‍රී එස්. ශ‍්‍රීධරන් කළ ඉල්ලීම රජය විසින් ප‍්‍රතික්ෂේප කර ඇත.