ගෙවුණු දින පහ තුළ මෙරට කොරෝනා මරණ 100 ඉක්මවා වාර්තා වී තිබෙනවා.
එමෙන්ම පසුගිය සතිය තුළදී පමණක් මෙරටදී මියගිය කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 157ක්.
දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ ඊයේ සටහන් වූ අතර, එම සංඛ්‍යාව 29 ක්.
එසේ වුවද වසංගත රෝග විද්‍යා අංශය සිය වෙබ් අඩවියේ සඳහන් කර තිබුණේ ඊයේ දිනයේ මරණ 31 ක් වාර්තාවී ඇති බවටයි.
කෙසේ වෙතත් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඊයේ මරණ 29 ක් වාර්තාවී ඇති බවයි.
කෙසේ වෙතත්, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේගෙන් මාධ්‍යවේදියෙකු මේ සම්බන්ධයෙන් විමසා සිටියේ කොළඹ අද (15) පැවති උත්සවයකින් අනතුරුවයි.
මේ අතර ඊයේ දිනයේ වැඩිම ආසාදිතයන් 555 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් ප්‍රමාණයක් හමුවූ ප්‍රදේශය ලෙස වාර්තාවන්නේ ගාල්ල – හබරාදූව යි.
එම ප්‍රදේශයෙන් ආසාදිතයන් 130 ක් වාර්තාවී ඇති අතර, වැඩිම ආසාදිතයන් වාර්තාවූ කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම පිරිසක් වාර්තාවී ඇත්තේ පිළියන්දල ප්‍රදේශයෙන්.
එම සංඛ්‍යාව 126ක්.