Ada-Derana-1140-X-60-S 1200 add-02

දියණිය කූඹින්ට භූමිතෙල් දමා ගිනි තබයි.. අම්මා ඇඳ මත පිළිස්සී මරු දකියි…

232
11453136468821839297
add-01
රෝගීව එක්තැන්ව සිටි 89 හැවිරිදි මවක් ඇඳ මත පිලිස්සී මියයෑමේ සිද්ධියක් පිළිබඳව සැකපිට ඇයගේ 68 හැවිරිදි අවිවාහක දියණියක් මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා.

මෙසේ මියගොස් ඇත්තේ මීගමුව, ගල්කටුව පාරේ පදිංචිව සිටි 89 හැවිරිදි කාන්තාවක්.

දියණියන් දෙදෙනෙක් සහ එක් දියණියකගේ පුතා මෙම නිවෙසේ පදිංචිව සිට ඇති අතර අසනීප වී එක්තැන්වීම නිසා මියගිය මව කාලයක් තිස්සේ ඇවිදීමට නොහැකිව ඇඳ මත ජීවත් වී තිබෙනවා.

දැනට සිදුකර ඇති විමර්ශනවලදී තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.

ඒ අනුව ඇඳට කූඹින් ඒම වැළැක්වීම සඳහා මියගිය කාන්තාවගේ 68 වියැති අවිවාහක දියණිය විසින් බිම සිටි කූඹින් විනාශ කිරීම සඳහා භූමිතෙල් වත්කර ගිනි තබා තිබෙන බවයි වාර්තාවන්නේ.

මියගිය අයගේ නිවෙසේ පදිංචිව සිටින දියණියකගේ 43 හැවිරිදි පුත්‍රයාද පොලිසියට පැමිණිල්ලක් සිදු කර තිබෙනවා.

ඒ අනුව සිද්ධිය වූ ස්ථානයට පැමිණ මරණ පරීක්ෂණය සිදුකළ මීගමුව වැඩබලන මහෙස්ත්‍රාත් නෙල්සන් පී. කුමාරනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මීගමුව රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියෝග කර තිබෙනවා.

මීගමුව පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විසින් සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.