කොරෝනා වසංගතය නිසා වසා දැමුණු ඉන්දියාවේ ප්‍රාන්ත රැසක් නැවත විවෘත කිරීම ආරම්භ වී තිබෙනවා.
මීට මාස දෙකකට පෙර එම ප්‍රදේශ වසා දැමුණේ දෙවන කොරෝනා රැල්ල ආරම්භ වීමත් සමඟයි.
මේ අනුව, දිල්ලිය, මුම්බායි ඇතුළත් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය මෙන්ම, තමිල්නාඩු ප්‍රාන්තය ද අදියර වශයෙන් විවෘත කෙරෙනවා.
කෙසේ නමුත්, කර්නාටක ප්‍රාන්තය ලබන 14 වනදා දක්වා තවදුරටත් වසා දැමීමටයි ප්‍රාන්ත බලධාරින් තීරණය කළේ. ඉන්දියාව අද මාස දෙකකින් අඩුම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා කළා.