උතුරු කොරියාව දුම්රියක සිට බැලැස්ටික් මිසයිල දෙකක් අත්හදාබැලීමත් සමඟ ලෝක ප්‍රජාවගේ අවධානය නැවතත් උතුරු කොරියාව වෙත යොමුවී තිබේ.
පසුගිය බදාදා මෙම අත්හදාබැලීම් සිදුවූ අතර එම මිසයිල ජපාන මුහුද වෙත පතිතවී ඇත්තේ කිලෝමීටර් 800ක පියාසැරියකින් අනතුරුවය.
වහාම නිවේදනයක් නිකුත් කළ ජපාන අගමැති යොෂිහිඩේ සුගා මෙය ඉතාමත් අන්තරායකාරී පියවරක් මෙන්ම කලාපීය සාමය හා ආරක්ෂාවට බාධාවක් බවද අවධාරණය කර තිබුණි.