Ada-Derana-1140-X-60-S 1200 add-02

දුර්දාන්ත ආණ්ඩුව පලවා හරින්න සියලු බලවේග මා සමඟ එක්වන්න…! – සජිත්…

90
11453136468821839297
add-01

අයහපත් කාලගුණයෙන් ආපදාවට පත්වූ ජනතාව වෙනුවෙන් සහන දීමට ක්‍රමවත් හා විධිමත් යාන්ත්‍රණයක් මෙතෙක් ක්‍රියාත්මකව නැතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස චෝදනා කරයි.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂනායකවරයා ආණ්ඩුවෙන් ප්‍රශ්න කරන්නේ කොරෝනාවෙන් බැට කන ජනතාව ආපදාවෙන්ද බැට කන තුරු ආපදා කළමනාකාරණ යාන්ත්‍රණය ක්‍රියාත්මක නොකරන්නේ ඇයිද යන්නයි.

රුපියල් 5000ක සහනාධාර මුදල ලබා දීම, එන්නත්කරණ ක්‍රියාවලිය මෙන්ම නිරෝධායන ක්‍රියාවලිය ද දේශපාලනය නතුකර ගෙන ඇතැයි හෙතෙම චෝදනා කරයි

පොහොර හිගය, පරිසර විනාශය, ආර්ථීකය කඩා වැටිම ආදි ගැටලු ගණනාවක් මේ වන විට උද්ගතව ඇතැයි අදාළ නිවේදනයේ සඳහන් ය.

සංචරණ සීමා දුබලයාට සහ බලවතාට දෙවිදිහකට සලකන ක්‍රියාවලියක් වී ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

වත්මන් දුර්දාන්ත පාලනය නෙරපා හැරීමට එක්වන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නිවේදනයෙන් සියලු බලවේගවලට ඇරයුම් කරයි.