සංචාරක දකුණු අප්‍රිකානු කණ්ඩායම සහ ශ්‍රි ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන එක්දින තරඟයේ කාසිය වාසිය දිනා ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායමේ නායක කේෂව් මහරාජ් සමත් වුණි.
ඒ අනුව ඔහු තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමටයි.
එම තරඟය එක් කණ්ඩායමකට පන්දුවාර 47 කට සීමා කර තිබේ.
පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් තරඟ තීරකවරයා විසින් මෙම තීරණය ගෙන ඇත.
දිවා රාත්‍රී තරඟයක් ලෙස එම තරඟය ආර්.ප්‍රේමදාස ක්‍රිඩාංගනයේ දී තව සුළු වේලාවකින් ආරම්භ වීමට නියමිතය.
තරඟ තුනකින් සමන්විත එක්දින තරඟාවලිය 1-0 ලෙස මේ වනවිට පෙරමුණ ගැනීමට ශ්‍රි ලංකා කණ්ඩායම සමත් වී ඇත.