ශ්‍රී ලංකාව දේශිය වශයෙන් නිෂ්පාදනය කරන ලද සේලයින් තොගයක් වෛද්‍ය සැපයුම් අංශය වෙත භාර දී තිබේ.
රාජ්‍ය ඖෂධ සංස්ථාවේ SPMC ලේබලය යටතේ මෙම නිෂ්පාදනය කර ඇත.
ඉදිරියේදී රජයේ සියළු රෝහල්වල මෙම සේලයින් භාවිත කිරීමට සැලසුම් කර ඇත.
සේලයින් ආනයනය සඳහා වසරකට විශාල විදේශ විනිමය ප්‍රමාණයක් ඇදී ගිය අතර මෙමගින් එය ඉතිරි කර ගැනීමට හැකිවෙයි.