කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 846 දෙනෙකු අද (02) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 3,619කි.
ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 447,749ක් දක්වා ඉහළගොස් තිබේ.
එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 1,952ක් සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 378,168ක් විය.