නයිජීරියාවේ ටෙජීනා නගරය ආසන්නයේ පාසලකට කඩා වැදුණු තුවක්කුකරුවන් පිරිසක් සිසුන් 150ත් 200ත් අතර සංඛ්‍යාවක් පැහැරගෙන ගොස් තිබෙනවා.
මෙලෙස පැහැරගෙන ඇත්තේ අවුරුදු 06ත්, 18ත් අතර වයස්වල පසුවන පිරිසක්.
යතුරුපැදිවලින් පැමිණි මෙම තුවක්කුකරුවන් වෙඩි ප්‍රහාර රැසක් ද එල්ල කර තිබෙනවා.
කප්පම් ගැනීමේ අරමුණෙන් මෙවැනි පැහැර ගැනීම් එරට බහුලව සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
පසුගිය පෙබරවාරි මාසයේ ද පාසලකට කඩා වැදී ගැහැණු දරුවන් 300ක් පැහැරගෙන ගොස් තිබුණා.