Ada-Derana-1140-X-60-S 1200 add-02

නවසීලන්තයෙන් සහ ඔස්ට්‍රේලියාවෙන් ඩෙල්ටා පොකුරු

275
11453136468821839297
add-01

කොවිඩ් සාර්ථක ලෙස පාලනය කරමින් කීර්තියක් අත්කරගත් නවසීලන්තයද දැන් එම වසංගතයට ගොදුරුවෙමින් සිටී.

ගෙවුණු දිනයේදීත් එරටින් ආසාදිතයින් 68 දෙනෙක් වාර්තා වූයේ ඩෙල්ටා කොවිඩ් පොකුරු 277 දක්වා ඉහළ නංවමිනි.

ඉන් බහුතරය එරට උතුරු දූපතේ ඕක්ලන්ඩ් සහ වෙලින්ටන් නගරවලින් වාර්තාවි තිබුණි.

මේ සමගින් නවසීලන්තයේ ප්‍රධාන දූපත් දෙක වෙන වෙනම ජෛව බුබුළු ලෙස ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බව වාර්තා වෙයි.

කොවිඩ් ඩෙල්ටා ව්‍යාප්තියට මුහුණදී සිටින ඔස්ට්‍රේලියාවේ නිව් සවුත්වේල්ස් ප්‍රාන්තයෙන් නව ආසාදිතයින් 1,029ක් වාර්තාවී තිබේ.

කෙසේ නමුත් ප්‍රාන්ත ආණ්ඩුකාරවරිය පසුගියදා නිවේදනය කළේ ලබන සතියේ සිට පනවා ඇති බොහෝ සීමා ඉවත්කිරීමට තමන් සූදානම්ව සිටින බවය.

එමෙන්ම එන්නත් ලබාගත් පිරිස්වලට බාහිර ක්‍රියාකාරකම් සඳහා අවසර ලබාදීමට ඇය සැලසුම්කර ඇත්තේ සැප්තැම්බර් 13 වනදා සිටය.

මේ අතර, ගෝලීය කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 21 කෝටි 47 ලක්ෂයට ආසන්න වී ඇති අතර වසංගතය නිසා ලොව පුරා සිදුව ඇති මරණ ගණන 4,476,000කට අධිකය.