Ada-Derana-1140-X-60-S 1200 add-02

නවසීලන්තයේදී ඝාතනය වූ ශ්‍රී ලාංකිකයා ගැන තවත් තොරතුරු හෙළිකෙරේ

266
11453136468821839297
add-01

නවසීලන්තයේ ඔක්ලන්ඩ් නගරයේ සුපිරි වෙළෙඳසැලක් තුළදී 6 දෙනෙකුට පිහියෙන් ඇන තුවාල සිදුකළ ශ්‍රී ලාංකිකයා ගැන එරට මාධ්‍ය තවත් තොරතුරු හෙළිකළේය.

එම ශ්‍රී ලාංකිකයා 2011දී ඔක්තෝබර් මස නවසීලන්තයට සංක්‍රමණය වූ පුද්ගලයෙකි.

එරට ආරක්ෂක අංශ S ලෙසින් නම් කරන ලද එම 32 හැවිරිදි ලාංකිකයා මීට පෙර එක් වතාවක් නවසීලන්ත ආරක්ෂක අංශවල අත්අඩංගුවට පත්ව තිබුණි.

ඒ, විශාල පිහි මිලදීගැනීමේ සහ අයි එස් සංවිධානයට සම්බන්ධ වීඩියෝ පරිහරණය කිරීමේ සිද්ධීන් කිහිපයක් මුල්කර ගනිමිනි.

එබැවින් ඔහුව අයි එස් මත දරන්නෙක් ලෙස නවසීලන්ත ආරක්ෂක අංශ විසින් හඳුන්වා තිබුණි.

ඔහු ජාතික ආරක්ෂාවට තර්ජනයක් බවට 2016දී කරුණු අනාවරණයවීමත් සමග සන්නද්ධ ආරක්ෂකයින් පිරිසක් ඔහු පිළිබඳව නිරන්තරයෙන් නිරීක්ෂණය කර තිබේ.

අද දින පිහි ප්‍රහාරය එල්ල කිරීමෙන් පසුව එම සැකකරුට වෙඩි තබා තිබුණේ, අදාළ පොලිස් කණ්ඩායම විසිනි.

එම සිදුවීම සම්බන්ධයෙන් නවසීලන්ත අගමැතිනී, ජසින්ඩා ආර්ඩන් පැවසුවේ…”අද සිදුවූ දෙය නින්දිතයි. පිළිකුල් සහගතයි. වැරැදියි. මෙය හුදෙකලා ප්‍රහාරයක්. කිසිදු විශ්වාසයක්, සංස්කෘතියක් හෝ ජන කණ්ඩායමක් කළ දෙයක් නෙමෙයි. එය සිදුකළේ මෙරට පිළිගැනීමක් නැති මතවාදයක් දරන එක් තැනැත්තෙක් විසින්. සිද්ධියේ තනි වගකීම දැරිය යුත්තේ ඔහුයි,” යනුවෙනි.

සිද්ධියෙන් පුද්ගලයින් 6 දෙනකු තුවාල ලැබූ අතර තිදෙනකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙතෙක් ආරක්ෂක අංශ විසිනි නම හෙළිකර නොමැති එම පුද්ගලයා නවසීලන්ත පොලිසිය තැබූ වෙඩි ප්‍රහාරයකින් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබුණි.