සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර සිව්වන විස්සයි 20 තරගය අද (08) ඩකා හිදී පැවැත්වීමට නියමිතව තිබේ.
දිවා රාත්‍රි තරගයක් ලෙස පැවැත්වීමට නියමිත මෙම තරගය මෙරට වේලාවෙන් පස්වරු 3.30ට ආරම්භවීමට නියමිතය.
දෙරට අතර විස්සයි 20 තරගාවලිය තරග 05කින් සමන්විත වන අතර මේ වනවිට තරග දෙකට එකක් ලෙස බංග්ලාදේශ කණ්ඩායම පෙරමුණේ පසුවෙයි.
තරගාවලියේ ජයග්‍රහණය සඳහා බංග්ලාදේශයට මෙම තරගය තීරණාත්මකය.