Ada-Derana-1140-X-60-S 1200 add-02

නව ගොවි රක්ෂණ විශ්‍රාම ක්‍රමයෙන් වැඩි ප්‍රතිලාභයක්

23
11453136468821839297
add-01
ගොවි, ධීවර ඇතුළු එදිනෙදා ජීවනෝපාය සිදුකරනු ලබන පුද්ගලයින් වෙනුවෙන් ගොවි රක්ෂණ මණ්ඩලය හරහා ක්‍රියාත්මක නව ගොවි රක්ෂණ විශ්‍රාම ක්‍රමය සඳහා පුද්ගලයින් දහසක පිරිසක් ලියාපදිංචි වී ඇති බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි.
එහි සභාපති මද්දුම බණ්ඩාර වීරසේකර මහතා සඳහන් කළේ  ඒ සඳහා ඕනෑම පුද්ගලයෙකුට ලියාපදිංචි වීමේ හැකියාව පවතින බවය.
පැරණි ගොවි විශ්‍රාම ක්‍රමයට වඩා වැඩි ප්‍රතිලාභයක් මෙම නව ක්‍රමය මගින් හඳුන්වා දී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.
ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පැරණි ගොවි විශ්‍රාම වැටුප් ක්‍රමය සඳහා ලියාපදිංචි වූ පුද්ගලයින්ට ද අඛණ්ඩව ප්‍රතිලාභ ලබාදෙන බවය.