රුවන්ති මංගලා කියලා කියන්නේ පුංචි තිරයේ නිරන්තරයෙන් ම අපිට දැකගන්න පුළුවන් වුණු දක්ෂ රංගන ශිල්පිනියක්. නමුත් ඇය හිටි හැටියේම අපිට කලාවෙන් දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒ ආකාරයෙන් තාවකාලිකව කලාවට සමු දුන් ඇය මේ වෙද්දි ” ස්කෝලේ” ටෙලි නාට්‍ය හරහා ජයමිනි ගේ චරිතයට තම රංගන දායකත්වය ලබා දෙමින් නැවතත් පුංචි තිරයේ පෙනී සිටිනවා.

කොහොම වුණත් පහුගිය කාල සීමාව තුළදී ඇය ඉතාමත් නිහඬ ජීවිතයක් ගත කළා. ඒ කාලය තුළදී ඇය දේශපාලන සහ සමාජ සේවා කටයුතු කළ නිසා ගොඩක් වෙලාවට නිර්මාණ කටයුතු භාර අරගෙන කාර්යබහුලව වෙන්නේ නැතුව ඉන්න ඇය උත්සාහ කරා කියලා සඳහන් කරනවා

ඉතින් රුවන්ති විවාහ වෙන්නේ අපි කවුරුත් දන්න ආදරණීය ලයාන්විත ගායන ශිල්පියෙක් වන නාමල් උඩුගම සමගයි. රුවන්ති මංගලා සහ නාමල් කියලා කියන්නේ ආදරණීය දුවෙක් සහ පුතෙකු ගේ දෙමව්පියන්. ඉතින් මේ ආදරණීය දුවයි පුතයි කලාවට එන්න අදහසක් නැද්ද කියලා අහපු අවස්ථාවක රුවන්ති නම් සඳහන් කරන්නේ ඒගොල්ලො කලාවට යොමු වීමේ වැඩි ප්‍රවනතාවයක් නැහැ කියලයි.

නාමල් උඩුගම කාලයක් තිස්සේ අසනීපයෙන් සිටි පුද්ගලයෙක. ඉතින් ඔහුව රැකබලා ගැනීමේ කටයුතු සිද්ධ කළේ ඔහුගේ ආදරණිය බිරිඳ වන රුවන්ති. ඉතින් ඒ අතීතය පිළිබඳව ඇය සඳහන් කරන්නෙ මෙන්න මෙහෙම දෙයක්.

“ඒක පුදුමාකාර දුෂ්කර කාලයක්. නාමල් හොඳටම අසනීප වෙලා එයාව බලන්නත් ඕනේ. මම භාරගත්ත නිර්මාණවල රඟපාන්නත් ඕන. අපේ දරුවො දෙන්න උසස් පෙළ කරනවා එයාලව බලන්නත් ඕන. ගෙදර වැඩ කරන්නත් ඕන. නාමල්ගෙ අසනීපෙ ප්‍රතිකාර ගැන බලන්නත් ඕන. ඒ හැම දේම මම නිමක් නැතුව කලා. ඔය කාලයේ මගේ අම්මා නැති වෙනවා. ඉතින් අද හිතෙනවා ගැහැනියක් වෙලා කොහොමද මම මේ සේරම දරා ගත්තෙ කියලා.”

ඉතින් අන්න ඒ ආකාරයට තමයි ඇය ඇගේ කටුක අතීතය පිළිබඳව සඳහන් කරන්නේ. ඉතින් නාමල්ගෙ අසනීපය නිසා බාහිර සමාජයෙන් ඔවුන්ට නොයෙකුත් ආකාරයේ ප්‍රශ්න ගැටලු මතු වුණත් ඒ සියල්ල ඉදිරියට දරාගෙන නාමල්ව ජීවත්කරවන ශක්තිය උනේ රුවන්ති. ඉතින් අදටත් නාමල් කියන්නේ ඇය නිසා ඔහු ජීවත් වෙනවා කියලයි.