Ada-Derana-1140-X-60-S 1200 add-02

නැවත දැනුම්දෙන තුරු සියලු ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් නවතී

217
11453136468821839297
add-01

නැවත දැනුම්දෙන තුරු සියලුම ආගමික ස්ථානවල සාමූහික ක්‍රියාකාරකම් සහ රැස්වීම් පැවැත්විය නොහැකි බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා පවසනවා.

ඕනෑම අවස්ථාවක සිටිය හැකි උපරිම බැතිමතුන් සංඛ්‍යාව 25කට සීමා කළ යුතු බවයි ඔහු ප්‍රකාශකර ඇත්තේ.

මේ අතර නැවත දැනුම්දෙනතුරු මුස්ලිම් පල්ලිවල තරාවි හෙවත් රාමසාන් උපවාස සමයේ සිදුකරන විශේෂ යාච්ඤා, ජුම්මා යාච්ඤා කටයුතු මෙන්ම සභා කටයුතු තාවකාලිකව අත්හිටුවන ලෙස වකුෆ් සභාව දන්වා ඇති බව මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව පවසනවා.

එසේම, හුදකලා ප්‍රදේශවල මුස්ලිම් පල්ලි සම්පූර්ණයෙන්ම වසා තැබිය යුතු අතර, සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව පිලිපැදිය යුතු බව ද වකුෆ් සභාව දන්වා තිබෙනවා.

කෙසේ වෙතත්, ජමාත් යාච්ඤා කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ උපරිම 25 දෙනෙකුගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට ඉඩ පවතින බවටයි මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත්තේ.