අවුරුදු 18 ත් 44 ත් අතර වයස් කාණ්ඩ සඳහා නොමිලේ කොරෝනා එන්නත් ලබාදෙන ලෙස නැගෙනහිර ඉන්දියාවේ ජාර්කාන්ද් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරයා, අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම වයස් කාණ්ඩ සඳහා එන්නත්කරණයට රුපියල් කෝටි තුනකට ආසන්න මුදලක් වැයවන බවයි අග්‍රාමාත්‍යවරයා වෙත ලිපියක් යොමු කරමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ.
අදාළ මුල්‍ය බර දැරීමට ප්‍රාන්ත රජයට හැකියාවක් නොමැති බැවින් 18 ත් 44 ත් අතර වයස් කාණ්ඩ සඳහා පමණක් නොමිලේ එන්නත් ලබාදෙන ලෙසයි ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා ඉල්ලා ඇත්තේ.