පරිප්පු මිල දේශීය වෙළඳපොලේ තවදුරටත් ඉහළ යනු ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සහ වෙළඳුන්ගේ සංගමය කියා සිටී.
මේ වන විට වෙළෙඳ පොළේ පරිප්පු කිලෝවක් අලෙවි කරන්නේ රුපියල් 250ක් පමණ වූ මිලකටය.
සංගමය පෙන්වා දෙන්නේ මෙරටට පරිප්පු ආනයනය කරන්නේ කැනඩාවෙන් සහ ඕස්ට්‍රේලියාව බවත් කැනඩාවේ පරිප්පු අස්වැන්න අඩුවීම හා ලෝක වෙළද පොලේ මිල ඉහළ යාම හේතුවෙන් මෙරට මිලද ඉහල යනු ඇති බවය.