පලස්තීනුවන්ගේ රොකට් ප්‍රහාරවලට අඛන්ඩව ප්‍රතිචාර දක්වන බව ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කළා.
ගාසා තීරය මුල් කරගනිමින් පවතින ගැටුම් හත්වන දිනටත් ක්‍රියාත්මක අතර, ඊශ්‍රායලය අද අලුයම එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පලස්තීනුවන් තුන්දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
උත්සන්න වී ඇති ගැටුම් අවසන් කරන ලෙස ජාත්‍යන්තර ප්‍රජාව දෙරටින්ම ඉල්ලා ඇති අතර, ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කළේ තමන් ඊශ්‍රායලයේ සහ පලස්තීනයේ නායකයින් සමඟ සාකච්ඡා කළ බවයි.