Ada-Derana-1140-X-60-S 1200 add-02

පලාත් සංචරණ සීමා තේරුමක් නෑ.. රට පුරාම එක වගේම ඩෙල්ටා..- චන්දිම ජීවන්දර

255
11453136468821839297
add-01

පළාත් අතර තවදුරටත් සංසරණ සීමා පවත්වාගෙන යාම තේරුමක් නොමැති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කරයි.

රට පුරාම පැතිරී යමින් ඇත්තේ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය බවත් එනිසා කොළඹ පමණක් වසා දැමීමේ තේරුමක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

දිවයින පුරා කොරෝනා ආසාදිතයන්ගේ සාම්පල වල සිදුකරන ලද පරීක්ෂණවලදී 95% ක් ඉක්ම වූ ප්‍රමාණයක් ඩෙල්ටා ප‍්‍රභේදය ආසාදිත වූවන් ලෙස හඳුනාගනු ලැබූ බවද පැවසූ ඔහු මේ වන විට මෙරට ප්‍රමුඛතම ප්‍රභේදය වන්නේද ඩෙල්ටා ප්‍රභේදය යයිද කියා සිටියේය.