ඉන්දියාවේ පස්වන දිනටත් දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂ තුනේ සීමාව ඉක්මවා ගොස් තිබෙනවා.
පැය විසි හතරක් තුළ දෛනික ආසාදිතයන් ලක්ෂ තුනේ සීමාව පසුකර යෑම ආරම්භ කළේ පසුගිය 21 වනදායි.
ඒ අනුව ගතවූ පැය විසි හතරේ ඉන්දියාවෙන් නව ආසාදිතයන් තුන්ලක්ෂ පනස් හතරදහස් පන්සිය තිස් එකක් වාර්තාවනවා.
ඒ අනුව එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව දැක්වෙන්නේ එක්කෝටි හැත්තෑ තුන් ලක්ෂ හයදහස් තුන්සියයක් ලෙසයි.
එමෙන්ම ගතවූ පැය විසි හතරේ ලොව වැඩිම මරණ සංඛ්‍යාව ද ඉන්දියාවෙන් වාර්තාවන අතර, එය 2,806 ක් ලෙස සටහන් වනවා.
ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව සටහන් වූයේ එක්ලක්ෂ අනු පන්දහස් එකසිය දහසයක් ලෙසයි.
නවදිල්ලි, අලහබාද් ඇතුලු නගර රැසක රෝහල්වල මේ වනවිට ඇඳන් නොමැති තත්වයක් හමුවේ ජනතාවට නිවෙස්වලට වී ප්‍රතිකාර ලබාගැනීමට සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
ඔක්සිජන් හිඟය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව සිටින ඉන්දියානු ජනතාව වෙළඳපොලෙන් ඔක්සිජන් සිලින්ඩර මිලදී ගැනීම් සිදුකරන බවයි වාර්තාවන්නේ.
ඒ අනුව මීට පෙර ඉන්දීය රුපියල් හයදහසට අලෙවි වූ ඔක්සිජන් සිලින්ඩරයක් අට ගුණයකට අධික මුදලකට අලෙවි වන බවද එරට වාර්තා සඳහන් කළා.
ඒ අනුව ඉන්දීය රුපියල් පනස් දහසක මුදලකට ඔක්සිජන් සිලින්ඩර අලෙවි වෙමින් පවතිනවා.
මේ අතර ඉන්දියාව මුහුණදී ඇති දැඩි ඔක්සිජන් හිඟය හමුවේ මානුෂික ආධාර සැපයීමට බි්‍රතාන්‍යයද ඉදිරිපත්ව තිබෙනවා.
ඔවුන් ප්‍රකාශ කළේ ඉන්දියාවට සහයවීම සඳහා ඔක්සිජන් ඇතුලු උපකරණ අඩංගු බහලුම් 9 ක් හෙට දිනයේදී නැව්ගත කරන බවයි.
එමෙන්ම පාකිස්ථානයේ කරච්චි නුවර ගිලන්රථ සේවයක් පවත්වාගෙන යනු ලබන ෆයිසාල් එඩී නම් ස්වෙච්ඡා සංවිධාන හිමිකරුවෙකු විසින් තමන් සතු ගිලන් රථ 50 ක් සහ වෛද්‍ය කාර්ය මණ්ඩලය ඉන්දියානු ජනතාවට සහයක් වශයෙන් එරටට ලබාදීමට අවසර ඉල්ලමින් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබෙනවා.