Ada-Derana-1140-X-60-S 1200 add-02

පළමු එක්දින තරගයෙන් කොදෙව්වන්ට කඩුලු 8ක ජයක්

236
11453136468821839297
add-01

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8කින් පරාජයට පත්කරමින් දෙරට අතර පැවැති පළමු එක්දින තරගය ජය ගැනීමට සත්කාරක බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම සමතවිතයි.

තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 49කදී සියලු දෙනා දැවී ලකුණු232ක් රැස්කළා.

පිළිතුර ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දුවාර 47කදී කඩුලු දෙකක් පමණක් වැයකර තරගය ජයගත්තා.

ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වූ නායක දිමුත් කරුණාරත්න (52), ධනුෂ්ක ගුණතිලක (55) ආරම්භක කඩුලුල්ලට ලකුණු 105ක සාර්ථක සබඳතාවක් පැවැත්වීමට සමත්වුවත් දිමුත්ගේ දැවී යාමෙන් පසුව ධනුෂ්ක ගුණතිලක පන්දු රැකීමට බාධා කිරීම යටතේ දැවී යාමකට හසුවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩා වැටීම ආරම්භ වුණා.

ඉන් අනතුරුව සිය මංගල එක්දින තරගයට ක්‍රීඩා කළ පැතුම් නිශ්ශංක (08) දුවද්දී දැවි යාමකට හා ඇන්ජලෝ මැතිව්ස් (05) දුවද්දී දැවී යාමකට හසුවුනා.

ඉන් අනතුරුව කඩා වැටුණු මැද පෙළ යම් තරමකින් හෝ බේරා ගැනීමට මෙම තරගයේදී එක්දින වරම් ලැබූ ශ්‍රී ලංකාවේ දෙවැනි ක්‍රීඩකයා වූ අශේන් බණ්ඩාර සමත්වූයේ සිය මංගල එක්දින තරගයේදීම ලකුණු 50ක් රැස්කරමිනි.

වෙනත් කිසිම පිතිකරුවෙකුට ලකුණු 20 සීමාව ඉක්මවා යෑමට නොහැකි විය. පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරුවන් වූ එවිල් ලුවිස් (65), ෂායි හෝප් (110) පළමු කඩුල්ලට ලකුණු 143ක සබඳතාවක් පත්වමින් කොදෙව් කණ්ඩායමට අවශ්‍ය ජයග්‍රහණය සඳහා අඩි තාලම දැමීය. තරගයේ වීරයා ලෙස ශායි හෝප් සම්මාන ලැබුවා.