මේ වසරේ පළමු මාස 5 තුල කොළඹ කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය සියයට 9.3 ක කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කර තිබෙනවා.
එමෙන්ම, එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය ද සියයට 13 ක වර්ධනීය අගයක් වාර්තා කර ඇති බවයි කොටස් වෙළඳපොල නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
පසුගිය මැයි 31 වනදායින් අවසන් වූ මාස 05 තුල වෙළඳපොල පිරිවැටුම ද පෙර වාර්තා බිඳ හෙලමින් රුපියල් බිලියන 414.5 ක් ලෙස සටහන් වී තිබෙනවා.
එය 2020 වසරේ රුපියල් බිලියන 396 ක් වූ වාර්ෂික වෙළඳපොල පිරිවැටුම ඉක්මවන අගයක්.
එමෙන්ම, දෛනික වෙළඳපොල ගනුදෙනු ද සාමාන්‍ය අගය 27,000 ක් ලෙස සටහන් වන්නේ පෙර වසරේ එම අගය සාපේක්ෂව දෙගුණ වීමක් ලෙසින්.
මෙම කාලසීමාව තුලදී සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සඳහා වෙන් වූ එම් – පවර් පුවරුවේ ලංකා විදුලිබල මණ්ඩලය ලැයිස්තුගත කෙරුණු අතර එහි ප්‍රථම මහජන ණයකර නිකුතුව ද සිදුකෙරුණා.