Ada-Derana-1140-X-60-S 1200 add-02

පළාත් ලොක්ඩවුන් සීමා කඩන අයට කිසි සමාවක් නෑ…! නිරෝධායන නීතිය සහ අපරාධ නීතිය යටතෙත් නඩු….!

82
11453136468821839297
add-01

පළාත් අතර සංචරණ සීමා අතුරු මාර්ග භාවිත කරමින් උල්ලංඝනය කරන පුද්ගලයින්ට එරෙහිව අපරාධ නීතිය යටතේ කටයුතු කරන බව පොලීසිය පවසයි.

අද (11) කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසා සිටියේ, එවැනි පුද්ගලයින් නීති විරෝධි කටයුත්තක් සිදුකරන අය සේ සලකා නිරෝධායන නීතිය යටතේ ද නීතිය ක්‍රියාත්මක කරන බවය.

අද මධ්‍යම රාත්‍රී 12 සිට පළාත් අතර සංචරණ සීමා පනවනු ලබන බවත් අනවශ්‍ය ගමන් බිමන් යෑමෙන් වළකින ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

සෑම පළාත් මායිමක් අසලම පොලිස් නිලධාරීන් මෙන්ම ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි පැවසු හෙතෙම ජනතාවට අවශ්‍ය අත්‍යාවශ්‍ය සේවා ඒ ආකාරයෙන් ම ක්‍රියාත්මක වන බවත් සඳහන් කළේය.