පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා රජය ගෙන ඇති තීරණයට දැඩි විරෝධය පළ කරන බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.
සංඝඑත්නයේ විරෝධය නොතකා පළාත් සභා මැතිවරණය පැවැත්වූවහොත ගෙන් ගෙට ගොස් එම සටන අසාර්ථක කරවන්නට දැනටමත් සංවිධානය වී සිටින බවද උන්වහන්සේ පැවසූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්යයේ දැක්මට පලාත් සභාවෙන් ඇති ප්‍රයෝජනයක් නැති බව ද පැවසූ උන්වහන්සේ පළාත් සභා ඉවත් කර පළාත් පාලන ආයතනය සංවර්ධනය කිරීම සුදුසු බව ද කියා සිටිති.
සිය විහාරස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් උන් වහන්සේ මේ බව කියා සිටියහ.