මෙරට සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අට දහසේ සීමාවට ආසන්න වී තිබේ.
ඒ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ (25) තහවුරුකළ මරණ 198ත් සමගිනි.
ඒ අනුව මෙරට සිදුවූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 7,948 දක්වා ඉහළ ගොස් ඇත.
මේ අතර, දැනට හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කර ඇති ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අගෝස්තු මාසය තුළ පමණක් කාර්ය මණ්ඩලයේ 112 දෙනකුට වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.
ඒ අතර වෛද්‍යවරුන් 9 දෙනකු හා හෙද හෙදියන් 45 දෙනකුද වන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා මහතා පැවසීය.
දැනට භාවිතයට ගන්නා ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික් V , ෆයිසර් හා මොඩර්නා යන එන්නත්වල පළමු හා දෙවන මාත්‍රා ඊයේ පුද්ගලයින් 239,650 දෙනෙකුට ලබාදී තිබුණි.
කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන අද දිනයේත් දිස්ත්‍රික්ක රැසකදී ක්‍රියාත්මක ය.
නිවෙස්වලටම ගොස් වයස අවුරුදු 60ට වැඩි සහ බරපතළ රෝගාබාධ සහිතව එක්තැන්ව සිටින පුද්ගලයින්ට එන්නත් ලබාදීමේ ජංගම වැඩසටහනද ක්‍රියාත්මක වෙයි.
වසංගත රෝග විද්‍යා අංශයේ වාර්තාවලට අනුව මේවනවිට මෙරට එක් එන්නත් මාත්‍රාවක් හෝ ලබාගෙන ඇති පුද්ගලයින් ගණන එක් කෝටි විසි දෙලක්ෂ විසිදහස් තිස් එකකි.
මාත්‍රා දෙකම ලබාගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාවද ලක්ෂ 61 ඉක්මවා තිබේ.
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 407,768 දක්වා ඉහළ ගොස් තිබේ.
ප්‍රතිකාර සහ නිරෝධායන කාලසීමාව අවසන් කළ සංඛ්‍යාව 348,930ක් ලෙස දැක්වෙයි.
ඒ අනුව තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ පුද්ගලයින් 50,890කි.