ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් ලබන 8 වනදා සිට කොළඹ කොටස් වෙළඳපොලේ දිරි සවි පුවරුවේ ලැයිස්තුගත කෙරෙනවා.
එහිදී ඡන්ද හිමි සාමාන්‍ය කොටස් මිලියන 937යි දශම 5ක් ලැයිස්තුගත කෙරෙන අතර, එම සමාගම රියල් එස්ටේට් හෙවත් දේපල වෙළඳාම් ක්ෂේත්‍රය යටතේ වර්ගීකරණය කෙරෙනු ඇති.
පසුගිය මැයි 11 වනදා සිදුකරනු ලැබූ සාර්ථක මූලික මහජන නිකුත් කිරීමකින් පසු ප්‍රයිම් ලෑන්ඩ්ස් රෙසිඩන්සීස් ලිමිටඩ් මෙලෙස ලැයිස්තුගත කෙරෙන බවයි කොළඹ කොටස් හුවමාරුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
එහි මහජන කොටස් නිකුතුවේදී රැස් කර ගත් මුළු ප්‍රාග්ධනය රුපියල් බිලියන 1.9 යි 5ක්.