Ada-Derana-1140-X-60-S 1200 add-02

පාකිස්ථානය දින 10 කට වැසේ

90
11453136468821839297
add-01

කොරෝනා ආසාදනය සීඝ්‍රයෙන් ඉහළ යාම හේතුවෙන් අද සිට දින 10 ක කාලයක් පාකිස්ථානය පූර්ණ නිරෝධායන නීතිවලට යටත් කිරීමට එරට බලධාරින් තීරණය කර තිබෙනවා.

පාකිස්ථාන රජය විසින් අද සිට ලබන 15 වනදා දක්වා රාමසාන් නිවාඩු සමයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, රට වසා දැමෙන්නේ ඊට අමතරවයි.

මේ අතර, දෛනික ආසාදිතයන් සංඛ්‍යාව හාර ලක්ෂය ඉක්මවූ ඉන්දියාව දැන් කොරෝනා වෛරසයෙන් වැඩිම පීඩාවට ලක්වන රට බවට පත්ව ඇති අතර, එරට දෛනික කොරෝනා මරණ සංඛ්‍යාව ද ඊයේ 4000 ඉක්මවූවා.

එමෙන්ම, ඉන්දියාවේ කොරෝනා වසංගතය බොලිවුඩ් පුරයට ද සිදුකර ඇත්තේ විශාල බලපෑමක්.

ඉන්දියාවේ පළමු කොරෝනා රැල්ලේදී අමිතා බච්චන් ඇතුළු නළු නිලියන් රැසකට කොරෝනා ආසාදනය වූ අතර දෙවන රැල්ලේ නවතම ආසාදනය සිදුව ඇත්තේ කන්ගනා රනවුට් ටයි.