පාකිස්ථානයේ සින්ද් ප්‍රාන්තයේ දුම්රිය දෙකක් එකිනෙක ගැටීමෙන් පසුගිය සඳුදා උදෑසන සිදුවූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 62 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
එහිදී මැදිරි 8 ක් පීලිපැන තිබූ දුම්රියක් වෙත තවත් සීඝ්‍රගාමී දුම්රියක් ධාර්කි නුවර ආසන්නයේ දී ගැටුණු අතර, තුවාල ලැබූ සංඛ්‍යාව 100 කට අධිකයි.
අනතුරෙන් හානි සිදුවූ මැදිරි 17 ක් ඉවත් කර ගැනීමෙන් පසු දුම්රිය මාර්ගය මේ වනවිට යථා තත්ත්වයට පත් කර ඇති අතර, තවත් සිරුරු හමුවී ඇත්තේ එම මෙහෙයුම අතරතුරයි.