Ada-Derana-1140-X-60-S 1200 add-02

පාසල් සිසුන් අතරින් කොවිඩ් මර්දන එන්නත මුලින්ම ලැබෙන පිරිස

78
11453136468821839297
add-01

 

කොවිඩ් මර්දන එන්නත මුලින්ම අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට ලබාදීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ (29) පැවැසීය.

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඇතැයි ද හෙතෙම කීය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිර්දේශය මත එම එන්නත පාසල් දරුවන්ට ලබාදිය හැකි වනු ඇති බවත් එහෙත් මෙම එන්නත පාසල් දරුවන්ට ලබා දෙන දිනයක් ස්ථීර වශයෙන් තවමත් කිවනොහැකි බවත් හෙතෙම කියා සිටියේය.

මෙහිදී තවදුරටත් කතා කළ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා මෙසේ ද කීය.

ලංකාවේ ලක්‍ෂ 45 ක් විතර පාසල් යන දරුවෝ ඉන්නවා. මේ දරුවන්ව අපි ආරක්‍ෂා කරගන්න ඕනෑ. ඒ සඳහා අපොස සාමාන්‍ය පෙළ හා උසස් පෙළ දරුවන්ට මුලින් එන්නත ලබාදීමට අදහස් කරගෙන සිටිනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සමඟ එක්ව මේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙනවා. නිවෙස්වල ඉන්න දරුවන ආරක්‍ෂා කරගැනීම දෙමාපියන්ගේ වගකීමක්.