පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සැබෑ මහමොළකරුවන් අනාවරණ කරගැනීමේ ක්‍රියාදාමය සඳහා දේශපාලන මතවාද පසෙක දමා නව වැඩපිළිවෙලක් අරම්භ කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා.
ඊයේ අලව්වේ පැවති ජන හමුවකදීයි විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ.
සැප්තැම්බර් 11 ප්‍රහාරයෙන් පසුව එහි මහමොළකරුවන් හඳුනාගෙන දඩුවම් කිරීම දක්වා අමරිකානු රජය ගෙනගිය වැඩපිළිවෙල ශ්‍රී ලංකාවටද ආදර්ශයක් බව සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දුන්නා.