Ada-Derana-1140-X-60-S 1200 add-02

පැමිණෙන සියළු රෝගීන් බාරගත යුතුයි..- සෞඛ්‍ය අමාත්‍යංශයෙන් සියළු රෝහල්වලට නියෝගයක්..

90
11453136468821839297
add-01

රෝහල් ගත වීම සඳහා පැමිණෙන ඕනෑම රෝගියෙකු බාර ගත යුතු යැයි සියලුම රෝහල් අධ්‍යක්ෂවරුන්ට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් දැනුම් දී තිබේ.

නියෝජනය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ එය රෝහල් කාර්ය මණ්ඩලය සතු වගකීමක් බවයි.

කොරෝනා ආසාදිතව නිවසේ රැඳී සිටින කිසියම් අයකුට ඕනෑම අපහසුතාවයක් ඇත්නම් රෝහල් ගත වීම අනිවාර්ය බවද ඔහු සඳහන් කළේය.

රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිතයන් තමන් රැුදී සිටින තාවකාලික ස්ථානවල හෝ පදිංචිව සිටින ස්ථානවලම රැුදී සිටීම වඩාත් සුදුසු බවද පවසන ඔහු නිවෙස් වලට හෝ වෙනත් ස්ථිර පදිංචි ස්ථානවලට යාම රෝගය පැතිරවීමට අනුබල වනු ඇති බවත් ඔහු අවධාරනය කරයි.