නයිජීරියාවේ ටෙජීනා පළාතේ පිහිටි පාසලකින් පැහැරගත් ළමුන් පිරිසක් නිදහස් කිරීමට එම දරුවන්ව පැහැරගත් තුවක්කුකරුවන් පියවර ගෙන තිබේ.
පසුගිය මැයි මාසයේ දී එම තුවක්කුකරුවන් විසින් කප්පම් ලබාගැනීමේ අරමුණින් පාසල් ළමුන් 136 දෙනෙකුව පැහැරගෙන ගොස් තිබුණි.
පැහැරගැණුනු පිරිසෙන් ළමුන් 06 දෙනෙකු රඳවා තබාගෙන සිටි කාලසීමාව තුළ මියගොස් ඇති අතර තවත් ළමුන් 15 දෙනෙකු තුවක්කුකරුවන්ගෙන් මිදී පළාගොස් තිබුණි.
ඔවුන් විසින් රඳවාගෙන සිටි සෙසු ළමුන් පිරිස මෙලෙස නිදහස් කර ඇති අතර එය කුමක් හේතුවෙන් සිදුකළේ ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව වාර්තා වෙයි.