Ada-Derana-1140-X-60-S 1200 add-02

‘පියුමිගේ ඇමතුම..’ සරත් වීරසේකර පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක…

126
11453136468821839297
add-01

තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය වල පළවූ පුවත් පිළිබඳ මහජන ආරක්ෂක ඇමති සරත් වීරසේකර පාර්ලිමේන්තුව අමතනමින් අද විශේෂ ප්‍රකාශයක් කළේය.

ඔහු කියා සිටියේ කොළඹ හෝටලයක නිරෝධායන නීති කඩකරමින් පැවැත්වූ සාදයක් හේතුවෙන් අත්අඩංගුවට ගත් පිරිස නිරෝධායනයට යොමු කිරීමේදී ඔවුන් ගෙන ගිය බසය නැවත හරවන්නැයි තමන් උපදෙස් ලබා දුන්නේ ඇයි පළ වන වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

එමෙන්ම තම පුත්‍රයාගේ විවාහයද එම හෝටලය පැවැති බවට පළවූ පුවත්ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

අසත්‍ය චෝදනා පැතිර වූ පුද්ගලයන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් නීතිමය පියවර ගන්නා බවද ඔහු තව දුරටත් පැවසීය.