Ada-Derana-1140-X-60-S 1200 add-02

පිලිපීනය ශ්‍රී ලංකාවට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරයි

240
11453136468821839297
add-01

පිලිපීනය විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 10කට පනවා තිබූ සංචාරක තහනම ඉවත් කිරීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව, අද (06) සිට එම තහනම ඉවත් කරනු ලබන බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය, එක්සත් අරාබි එමිර් රාජ්‍යය, තායිලන්තය, ඕමානය, මැලේසියාව සහ ඉන්දුනීසියාව යන රටවලට පනවා තිබූ තහනම එලෙස ඉවත් වනු ඇත.

සංචාරක තහනම ඉවත් කළ ද මෙම රටවලින් පැමිණෙන පුද්ගලයින් පිලිපීනයේ දින 14ක කාලයක් නිරෝධායනයට ලක්විය යුතු බවට එරට ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති බව පිලිපීන මාධ්‍ය වාර්තා කරයි.