Ada-Derana-1140-X-60-S 1200 add-02

පිළියන්දල ලොක්ඩවුන් සීමා වෙනස් කිරීම මම දන්නෙත් නෑ…! – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ….

89
11453136468821839297
add-01

පිළියන්දල පොලිස් බල ප්‍රදේශය ද සම්පූර්ණයෙන් ම හුදෙකලා කිරීමට ගෙන තිබූ තීරණය වෙනස් කර ග්‍රාම සේවා වසම් කිහිපයක් පමණක් හුදකලා කර ඇත්තේ තමන්ගේ තීරණයක් අනුව නොවන බව නිරෝධායන නීති පිළිබඳ නිසි බලධරයා වන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කරයි.

තමන් නිර්දේශයකින් තොරව එම හුදෙකලා කිරීම වෙනස් කර ඇති බව ද ඔහු පැවසීය.

තමා පැන වූ හුදෙකලා කිරිම් වෙනස් කිරීමට කිසිවෙකුට බලයක් නොමැති බවත් ඒ සම්බන්ධයෙන් සොයා බැලීමක් කරන බව ද හෙතෙම සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ හිරු රූපවාහිනියේ පැවති ‘සලකුණ’ වැඩසටහනට එක් වෙමිනි.

මෙයට පෙර කැස්බෑව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනීය පවසා තිබුණේ ද මෙම තීන්දුව තම අනුදැනුමකින් තොරව ගත් බවය.