Ada-Derana-1140-X-60-S 1200 add-02

පීඩාවට ලක්වූ ආසාදිතයින් පිරිසක්

236
11453136468821839297
add-01

දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් කොවිඩ් ආසාදිතයින් 80 දෙනෙකු හඳුනාගෙන තිබේ.

අනතුරුව ඔවුන්ට ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යාමට සූදානම්වන්නැයි සෞඛ්‍ය අංශ දැනුම් දී තිබුණි.

නමුත් එම ආසාදිතයින් පැවසුවේ පැය 12ක පමණ කාලයක් යනතුරු කිසිවෙකු නොපැමිණීම නිසා තමන් දැඩිලෙස පීඩාවට පත්වූ බවය.

මේ අතර, දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු තිදෙනාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා එම බලමණ්ඩලයේ නියෝජිතයින් අද වැලිකඩ බන්ධනාගාර මූලස්ථානය වෙත ලිපියක් භාරදුනි.

මේ වනවිට එම ක්‍රියාකාරීන් තිදෙනාට කොවිඩ් වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන්නැයිද ඔවුන් ඉල්ලීය.

ඔවුන් පෙන්වා දෙන්නේ රක්ෂිත බන්ධනාගාරගත කරන අවස්ථාවේ සිදුකළ පරීක්ෂණවලින් ආසාදිත නොවී සිටි, සිය සාමාජිකයින් දින 20කට පසු ආසාදිතයින් ලෙස තහවුරු වී ඇති බවය.