Ada-Derana-1140-X-60-S 1200 add-02

පුලතිසි සීඝ්‍රගාමී දුම්රියේ ගැටී සද්ධන්තයින් 03ක් අවසන් ගමන් යයි

33
11453136468821839297
add-01
මඩකලපුව දුම්රිය ස්ථානයෙන් අලුයම 01.30ට කොළඹ කොටුව බලා ධාවනය වූ පුලතිසි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියට ගල්ඔය හා හතරැස් කොටුව දුම්රිය ස්ථාන අතර දී වන අලි 03 දෙනෙකු ගැටීම නිසා එම දුම්රිය පිලී පැනීමකට ලක්ව ඇත.
මෙම අනතුරෙන් දුම්රිය එංජිම හා තවත් මැදිරියක් පිලී පැනීමකට ලක්ව ඇති අතර දුම්රියේ ගැටුණු වන අලි තිදෙනාම මිය ගොස් ඇත.
මෙම සිදුවිම සිදුව ඇත්තේ පෙරවරු 05.05 ට වන අතර මෙම හෙතුවෙන් එම දුම්රිය කොළඹ කොටුව බලා ධාවනය නොවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.