Ada-Derana-1140-X-60-S 1200 add-02

පොට්ට නව්ෆර් මියයයි

244
11453136468821839297
add-01

මහාධිකරණ විනිසුරු සරත් අඹේපිටිය ඝාතනය සම්බන්ධයෙන් වැරදිකරු වී මරණ දණ්ඩනය හිමිවී සිටි මොහොමඩ් නව්ෆර් අද (28) මියගිය බව බන්ධනගාර දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

ඔහු පොට්ට නව්ෆර් ලෙසද හඳුන්වයි.

වකුගඩු රෝගී තත්ත්වයක් හේතුවෙන් ඔහුව බූස්ස බන්ධනාගාරයේ සිට කරාපිටිය රෝහලට ගෙනගොස් ඇති අතර එහිදී සිදුකළ ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහු කොවිඩ් ආසාදිතයෙක් ලෙස හඳුනාගෙන තිබුණි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ කොවිඩ් ආසාදිතව නව්ෆර් මියගිය බවය.