Ada-Derana-1140-X-60-S 1200 add-02

පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගුයි (වීඩියෝ)

85
11453136468821839297
add-01

අද රාත්‍රී 12 සිට වහාම ක්‍රියාත්මකවන පරිදි සියලු පොලිස් නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කර තිබෙනවා.

මෙම නියෝගය ලබන 31 වනදා දක්වා වලංගු බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලේ

කෙසේ වෙතත් සංචරණ සීමා පනවා ඇති ප්‍රදේශවල සිටින පොලිස් නිලධාරීන්ට එම සංචරණ සීමා කාලසීමාව අවසන් වනතුරු ප්‍රදේශයේ රැඳී සිටීමට අවසර හිමිවනු ඇති.

අද දින මධ්‍යම රාත්‍රී 12 සිට සංචාරණ සීමා පැනවෙන්නේ අත්‍යාවශ්‍ය ගමන් හැර විනෝද ගමන් සහ වෙනත් ගමනා ගමනය වැලක්වීමට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මේ වනවිට පොලිස් මූලස්ථානයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මේ අතර පළාත් අතර සංචරණය සඳහා බලපත්‍ර නිකුත් කිරීමක් සිදුනොකෙරෙන අතර අදාළ පළාත් සීමාවන්හි ඇති මාර්ග බාධකවලදී රථවාහන පරීක්ෂා කිරීම් සිදුකෙරෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළා.

එසේම සංචාරක හෝටල්වල වෙනත් පළාත්වලින් පැමිණෙන පුද්ගලයන් රඳවාගතහොත් අදාළ හිමිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.

කෙසේ වෙතත් අත්‍යාවශ්‍ය රාජකාරී සඳහා වෙනත් පළාත්වලින් පැමිණ නවාතැන්ගෙන සිටින පුද්ගලයන් එම ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාට සහ පොලිස් ස්ථානයට ඒ බව පූර්ව දැනුම්දීමක් සිදුකළ යුතු වනවා.

අත්‍යවශ්‍ය රාජකාරී සඳහා පළාත් අතර ගමන් කරන පුද්ගලයන් තම රාජකාරී හැඳුනුම්පත භාවිත කර එම ගමන් සිදුකර හැකි බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

එමෙන්ම සුපිරි වෙළඳසැල් ඇතුළු අනෙකුත් ව්‍යාපාරික ස්ථානවල අදාළ පූර්ණ ධාරිතාවයෙන් සියයට 25 ඉක්මවා ඇති බව යම් අවස්ථාවක හැඟී ගියහොත් අදාල ව්‍යාපාරික ස්ථානයේ, කාර්යාලයේ ප්‍රධානීන් ඇතුළු අතිරේකව රැඳී සිටින්නන්ට නිරෝධායන නීති අනුව නඩු පැවරීම සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.