බංග්ලාදේශ එක්දින තරග සංචාරය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය අද නම් කෙරුණා.
ඒ අනුව, කුසල් ජනිත් පෙරේරා කණ්ඩායමේ නායකත්වය දරන අතර, කුසල් මෙන්ඩිස් උපනායකයා ලෙස කටයුතු කරනු ඇති.
18 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම ලබන 16 වනදා බංග්ලාදේශය බලා නික්මෙන අතර, එහිදී එක්දින තරග 3 කට සහභාගි වීමට නියමිතයි.