Ada-Derana-1140-X-60-S 1200 add-02

බ්‍රිතාන්‍ය අගමැතිට මංගල සීනු

221
11453136468821839297
add-01

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් තම පෙම්වතිය සමඟ රහසිගත උත්සවයක් පවත්වමින් විවාහ වී ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඊයේ දිනයේ තම පවුලේ සහ සමීප මිතුරන් කිහිපදෙනෙකුගේ සහභාගීත්වයෙන් එම විවාහ මංගල උත්සවය පවත්වා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් ඩවුනින් වීථියේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලය මේ පිළිබඳව අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අගමැති බොරිස් ජොන්සන් 2019 වසරේ සිට තම පෙම්වතිය වූ කේරි සිමන්ඩ්ස් සමග එකට ජීවත්වන අතර, පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ඔවුන්ට දාව පුතෙකුද උපත ලැබුවා.

පවතින කොරෝනා සීමාවන් යටතේ එංගලන්තයේ උත්සව අමුත්තන් තිස්දෙනෙකුට පමණක් සීමා කර තිබෙනවා.