Ada-Derana-1140-X-60-S 1200 add-02

බාබර් අසාම් නායකත්වය දැරූ තරග හතරේදීම වාර්තාවක්

187
11453136468821839297
add-01

සිම්බාබ්වේ පිලට එරෙහිව තරගාවලි ජයක් වාර්තා කරමින් පාකිස්ථාන නායක බාබර් අසාම් තමන් නායකත්වය දැරූ ටෙස්ට් තරග හතරේදීම ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් වුණා.

ඔහුට පෙර කිසිදු පාකිස්ථානු නායකයෙකු තමා නායකත්වය දැරූ පළමු ටෙස්ට් තරගයෙන් අනතුරුව තවත් ජයග්‍රහණයක් වාර්තා කර නැහැ.

එමෙන්ම, ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරග හතරම ජයග්‍රහණය කිරීම සඳහා කණ්ඩායම මෙහෙයවූ ක්‍රීඩකයන් අතුරෙන් 8 වැන්නා බවට ඔහු පත් වනවා.

26 හැවිරිදි බාබර් අසාම් මේ වනවිට අයි.සී.සී. එක්දින පිතිකරු ලැයිස්තුවේ ප්‍රථම ස්ථානයත්, විස්සයි විස්ස පිතිකරු ලැයිස්තුවේ තුන් වන ස්ථානයත් හිමිකරගෙන සිටිනවා.