කෙසෙල්වත්ත පොලිස් වසම තුළ පදිංචි බාල වයස්කාර ගැහැණු දරුවන් තුන්දෙනෙකු නිවසින් අතුරුදන්වීම පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි කෙසෙල්වත්ත පොලිසිය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට වාර්තා කළේය.
කෙසෙල්වත්ත පොලීසිය පවසන්නේ වයස අවුරුදු 13 සිට 15 දක්වා වයස් සීමාවල එම ගැහැණු දරුවන් පසුවූ බවය.
ඔවුන් එකම පවුලේ සහෝදරියන් දෙදෙනෙකු සහ ඥාති සහෝදරියක් බව සඳහන් වේ.
ඔවුන් නිවසින් අතුරුදන් වී ඇති බවට ඊයේ (08) දින පැමිණිල්ලක් ලැබී ඇතැයි සඳහන් කළ පොලීසිය ඒ පිළිබඳව පුළුල් විමර්ශන සිදුකරන බව කියා සිටියේය.
එම අතුරුදන්වීම් සිද්ධිය පිළිබඳව ඔවුන්ගේ දෙමව්පියන් ගෙන් ප්‍රකාශ පොලීසිය විසින් සටහන් කරගෙන තිබේ.
සිද්ධිය පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වා ඉදිරියේ දී සවිස්තර වාර්තාවක් ඉදිරිපත් කරන බවද පොලීසිය අධිකරණයට දැනුම් දී ඇත.