Ada-Derana-1140-X-60-S 1200 add-02

බාලවයස්කාර දියණිය විවාහ කරදීමට උත්සාහ කළ තරුණියක් පියා විසින් ඝාතනය කරයි

81
11453136468821839297
add-01

බාලවයස්කාර තම දියණිය වැඩිමහල් පුද්ගලයෙකුට විවාහ කරදීමට ගත් උත්සාහයක් පිළිබඳ උරණ වූ ඇයගේ පියා, ඊට සම්බන්ධ තරුණියක තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කිරීමේ පුවතක් ගලේවෙල – පට්ටිවෙල ප්‍රදේශයෙන් වාර්තා වනවා.

මියගොස් ඇත්තේ 19 හැවිරිදි තරුණියක්. 42 හැවිරිදි සැකකරු අත්අඩංගුවට ගත් බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

මව අහිමි 17 හැවිරිදි සැකකරුගේ දියණිය රැකවරණ නිවාසයක හැදී වැඩී ඇති අතර, අවුරුදු නිවාඩුව සඳහා නිවසට පැමිණ තිබෙනවා.

ඝාතනයට ලක්වූ තරුණිය ඇයගේ ඥාති තරුණියක් වන අතර, තනිව සිටිය නොහැකි නිසා එම නිවසේ තම දියණිය නතර කළ බවයි පියා ප්‍රකාශ කර ඇත්තේ.

කෙසේ වෙතත්, එහිදී තම දියණිය ඔවුන්ගේ නිවසේ රඳවාගෙන වයසින් වැඩි අයෙකුට විවාහ කරදීමට තැත්කළ බව ඝාතනය සිදුකළ පියා පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.

අවස්ථා කිහිපයකදීම දියණිය බැලීම සඳහා එම නිවසට ගියත් ඇය සඟවාගෙන සිටි නිසා උරණ වී  ඥාති තරුණිය සේවය කරන පොත් අලෙවිසැලකට ගොස් ඊයේ ඇයට තියුණු ආයුධයකින් පහරදී සැකකරු මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.