Ada-Derana-1140-X-60-S 1200 add-02

බිහිසුණු ඩ්‍රෝන ප්‍රහාරය අත්වැරැදීමක් බව අමෙරිකාව පවසයි

256
11453136468821839297
add-01

ඩ්‍රෝන ප්‍රහාරයකින් ඇෆ්ගනිස්තාන සාමාන්‍ය වැසියන් 10 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීම අත්වැරැදීමක් බව ඇමරිකාව පිළිගෙන තිබේ.

පසුගිය 29 වැනිදා අමෙරිකානු ආරක්ෂක අංශ විසින් එම ප්‍රහාරය එල්ලකර තිබුණි.

අයිඑස් ත්‍රස්ත ඉලක්කයක් බවට හඳුනාගනිමින් එම ප්‍රහාරය එල්ල කළ බව අමෙරිකානු බලධාරීන් මුලින් පැවසීය.

ප්‍රහාරය මෝටර් රථයක් ඉලක්ක කර ගනිමින් එල්ල කළ අතර එහිදී සහන සේවකයෙකු සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් ජීවිතක්ෂයට පත්ව තිබුණි.

මියගිය පිරිස අතර අදාළ සහන සේවකයාගේ දෙහැවිරිදි දියණිය ද ඇතුළු දරුවන් 07 දෙනෙකු  වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.